සනත් නිශාන්තගේ බිරිඳට පොහොට්ටුවේ ලොකු තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී ඊයේ (27) එම පක්ෂයේ විධායක කමිටුව රැස්ව තිබුණා. එහිදී එම පක්ෂයේ ක්‍රියාකාරිත්වයට අදාළ වැදගත් තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදු කර තිබෙනවා.

පක්ෂයේ නව විනය මණ්ඩලයට පසුගිය දා රිය අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි පෙරේරා පත් කිරීම විශේෂත්වයක්. එම විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන අය පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්චි,චමරි පෙරේරා යන පිරිස පත් කර තිබෙනවා

පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් නිරාකරණයට ද බේරුම්කාර මණ්ඩලයක් පත් කර ඇති අතර එහි චමල්, ජොන්ස්ටන්, එස්. බී, සී. බී. රත්නායක, රෝහිත සහ මංජුලා දිසානායක යන අය සාමාජික බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles