ජූනි මාසයේ සිට ජනතාවගෙ කල්ල මරේ

මැතිවරණ ඉලක්ක කරමින් ජනතා සහන රැසක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ජනාධිපතිවරණය – මහමැතිවරණය සහ පළාත් සභා – පළාත්පාලන මැතිවරණ වසරක් ඉදිරියේදී ඇති බැවින් මෙම සහන ලබා දීමට ආණ්ඩුව සැරසෙනවා.

බදු ගණනාවක් අඩු කර දමා බඩු මිල පහළ දැමීමටත්, විදුලි සහ ජල බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමටත් තීරණය කර ඇති අතර ඛනිජ තෙල් මිලද සැලකිය යුතු අන්දමකින් පහළ දැමීමට බලාපොරොත්තු වෙන බවයි පැවසෙන්නේ. ලෝක බැංකුවෙන් ලබා දීමට නියමිත මීළඟ ණය මුදලින් මෙම සහනාධාරවලට කොටසක් වෙන් කරන බවයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ.

ජනපතිවරයාගේ පසුගිය අදහස් දැක්වීම්වලදී ජනතා සහන ගැන ඉඟි කිහිපවිටක්ම පළ වුණා.

1 COMMENT

  1. අපිනම් ඕවාට අහුවෙන්නෑ ඔවා චන්ද ගුණ්ඩු මොනවා වුනත් මාලිමාව එනවට බයයි එතකොට හොරැන්ට හිරේ යන්නවෙනව⁣ා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles