ඉදිරියේ එන මැතිවරණය ගැන කොමිසම කියන දේ

මේ වසරේ අගභාගයේදී ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් බැවින් ඒ සඳහා මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වන විට මූලික කටයුතු සූදානම් කර අවසන් බවයි කොමිසමේ ආරංචිමාර්ග පවසන්නේ.

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර තිබෙනවා. ඒ අනුව මැතිවරණයට අදාළ විවිධ කටයුතු සඳහා මේ වන විට ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කොමිසම විසින් මිලට ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles