කසල නිසි පරිදි බැහැර නොකළ මන්ත්‍රීට විරෝධය පෑ සේවකයාගේ කණ පළලා

මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව කියන එම නගර සභාවේ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පහරදීමෙන් නගර සභා කම්කරුවාගේ කණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් එම තුවාල හේතුවෙන් ඔහුගේ කණ ප්‍රදේශයට මැහුම් තුනක් යොදා තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

නිසිලෙස වෙන්න නොකොට අවිධිමත් ලෙස පිරවූ කුණු මල්ලක් මහනුවර නගර සීමාවේ විලියම් ගොපල්ලව මාවතට වාහනයකින් පැමිණ බැහැර කළ අවස්ථාවේදී එම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කම්කරුවා ඊට විරෝධය දක්වා තිබුණා.

නිසි ලෙස කුණු වෙන්කොට රැගෙන එන ලෙස පවසමින් එම කුණු මල්ල නැවතත් හිටපු මන්ත්‍රීවරයාගේ රථයට දමා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඔහු පැමිණි මෝටර් රථයේ අංක තහඩුව ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා පහරදී ඇති බව පොලිසිය පැවසුවේ.

මෙම පහරදීමට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදහම්පොළ උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද (02) සේවා කටයුතුවලින් ඉවත්ව සිටින බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles