අත්අඩංගුවේදී 24ක් මරුට: පොලිස් සෙල්ලම් මානව හිමිකම් කොමිසම කියයි

පොලිස් අත්අඩංගුවේ සිටියදී 2023 වසරේදී පමණක් පුද්ගලයන් 24ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා පවසනවා.

යුක්තිය – මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 44ක් ලැබී තිබෙන බව ද පසුගිය වසරේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 9714ක් බවද කොමසාරිස්වරයා සඳහන් කරනවා.

ඒ අනුව ගිය වසරේ මාසයක පොලිස් අත්අඩංගුවේ මරණ සාමාන්‍ය 2ක්. මෙය මහත් බරපතළ තත්වයක් බවයි මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ.

පොලිස් අත්අඩංගුවේදී ආයුද පෙන්වීමට ගොස් වෙඩි කා මිය යෑම පසුගිය කාලයේ විශාල වශයෙන් විවේචනයට ලක් වුණා. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ ජීවිතාරක්ෂාව පිළිබඳ වගකීම අදාළ පොලිස් ස්ථානභාර නිලධාරියා වෙත පවතින බවයි නීති අංශ පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles