රුමේනියා රැකියා ජාවාරමක් – කතක් රිමාන්ඩ්

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ සැකකාරියක් අප්‍රේල් 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මාළිගාවත්ත – ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැඟවී සිටි මෙම කාන්තාව පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා නියමය පරිදි එම සැකකාරියව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

රුමේනියාවේ ක්ෂේත්‍ර කිහිපයක රැකියා ලබා දීම සඳහා ද ඇයට අවසර තිබු බවත් අවසර නොමැති රැකියා ක්ෂේත්‍ර සඳහා ද යොමු කරන බව පවසමින් සැකකාරිය මුදල් ලබා ගෙන ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකාරියට මුදල් ලබා දී රැකියා නොලැබුණු පුද්ගලයින් 88 දෙනෙකු ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ බව කියන සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ සේවය කළ කළමනාකරු සහ තවත් අයෙකුව ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles