අනුර – සජිත් මුහුණට මුහුණ ඓතිහාසික විවාදයක්!

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා සූදානම් බව ඊයේ (2) මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති පැවසුවා.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සජබ කිහිපදෙනෙක් ආරාධනා කර තිබූ බව සිහිපත් කළ හඳුන්නෙත්ති එම ආරාධනා සතුටින් පිළිගන්නා බව කියා සිටියා.

එසේ ම එම ආරාධනා කරන එරාන්, හර්ෂ, කබීර් වැනි අය කලින් කලට එක එක තැන්වල සිටින නිසා පක්ෂ දෙකේ නායකයන් ඍජුව විවාද කිරීම වඩා වැදගත් බවයි හඳුන්නෙත්ති අවධාරණය කළේ.

විවාදයට සහභාගි වීමට ඇති කැමැත්ත හෝ අකමැත්ත ලිඛිතව ලබා දෙන ලෙස ජාජබ ජාතික සංවිධායකවරයා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියා.

මෙම මාධ්‍ය හමුව ජාතික ජනබලවේගයේ පැලවත්ත කාර්යාලයේදී පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles