මෛත්‍රීට, දේශබන්දුට කතෝලික සභාවේ අප්‍රසාදය පළ වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මුල සිටම දැන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයා පසුගිය පාස්කු ඉරුදින කටුවපිටියේ කළ සංචාරය සහ වින්දිතයන්ගේ සුවදුක් විමසීමට යාම පිළිබඳව අප්‍රසාදය පළකිරීම සඳහා අද අගරදගුරු නිල නිවසේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඉකුත් පාස්කු ඉරු දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ ආරක්ෂක තත්ත්වය සොයාබලා ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුවදුක්ද විමසා බලා තිබුණා.

පොලිස්පතිවරයා කටුවපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්‍රසාදය පළ කරන බවද උන්වහන්සේ ප්‍රකාශ සිටිනවා.

මාධ්‍යට තවදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ පවසා සිටියේ,

“අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන් බලල යන එක නොවෙයි. අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles