සජිත් – අනුර විවාදය : Update

ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පසුගියදා ජාතික ජන බලවේගයට අභියෝගයක් සිදුකර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ඊයේ කියා සිටියේ ඉදිරියේ දී පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් බැවින් එම විවාදය සමගි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර පැවැත්විය යුතු බවයි.

කෙසේ වෙතත් එය එම පක්ෂයෙන් ලිඛිතව තමන් වෙත ලැබිය යුතු බව හඳුන්නෙත්ති සඳහන් කර තිබුණා.

නමුත් සජිත් ප්‍රේමදාස ඊට සහභාගී නොවන්නේ නම් එම පක්ෂයේ ආර්ථික කමිටුවේ සාමාජිකයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකයින් අතර විවාදය පැවැත්වීම පිළිබඳ කරුණු සලකා බැලිය හැකි බව ඔහු සඳහන් කර සිටියේ.

කෙසේ නමුත් පක්ෂ දෙකේ නායකයින් අතර හෝ ආර්ථික කමිටු සාමාජිකයින් අතර පැවැත්වෙන මෙම විවාදය සඳහා අවස්ථාව සලසාදීමට දෙරණ වාද පිටිය සූදානම් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles