ලංකාව ගොඩ ගියා : ලෝක බැංකුවෙන් පැසසුමක්

දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ බංකොලොත්භාවයට පත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය පුරෝකථනය කළ කාලයට වඩා ඉක්මනින් යථා තත්වයට පත් වූ බව ලෝක බැංකු වාර්තාවක් පවසනවා.

ඒ අනුව මෙරට ආර්ථික පුරෝකථනය පදනම් අංක 50කින් ඉහළ දැමීමට ලෝක බැංකුව කටයුතු කර තිබෙනවා.

මේ වසරේ 2.2%ක ධනාත්මක ආර්ථික වේගයක් මෙරට ළඟා කරගනු ඇති බවයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය කර ඇත්තේ. එය ලබන වසරේදී 2.5% දක්වා වර්ධනය කරගනු ඇති බව එහිදී ලෝක බැංකුව සඳහන් කරනවා.

එසේ ම මෙරට නිල සංචිත තවදුරටත් වර්ධනය වනු ඇති බවත්, විදේශ ප්‍රේෂණ සහ සංචාරක ආදායම තවත් ඉදිරියේදී වර්ධනය වනු ඇති බවත් එම වාර්තාවේ දැක්වෙනවා. ඒ සඳහා ලෝක බැංකුව මෙරටට ලබා දුන් ණය මුදල විශාල සහයක් වූ බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත්, මෙරට දරිද්‍රතා මට්ටම 2026 වසර දක්වා 22% සීමාවේ පවතිනු ඇති බවට අදාළ වාර්තාවේ දක්වා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles