වැටුප් ගෙවන්න සල්ලි නෑ කී ලංගමට නව සේවක පිරිසක් බඳවාගෙන

ශ්‍රී ලංගම ඩිපෝ විශාල ප්‍රමාණයක සේවකයන් වෙනුවෙන් වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් පවතින බව පසුගිය දා පුවත් වාර්තා පළ වුණා. මහාභාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් සීමා කර ඇති නිසා ඩිපෝවලින් උපයන ආදායම සේවක වැටුප් ගෙවීමට පවා මඳ බවයි එහිදී කියැවුණේ.

කෙසේ වෙතත් දිවයින පුරා ලංගම ඩිපෝවල පවතින බව කියන පුරප්පාඩු වෙනුවෙන් නවක රියදුරු සහ කොන්දොස්තරවරු බඳවාගෙන පත්වීම් ප්‍රදානයක් සිදු කර ඇත්තේ, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය සේවයේ කිසිදු බඳවාගැනීමක් කිරීම අත්හිටුවා ඇති තත්වයක, මෙම පත්වීම් විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ ප්‍රදානය කර ඇති බවයි දැනගැනීමට ඇත්තේ. රියදුරන් 123ක් සහ කොන්දොස්තරවරුන් 18ක් මෙසේ බඳවාගෙන ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles