හදිසි අනතුරු ගැන බිය ගෙනෙන හෙළිදරව්වක්

හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32-35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වෙනවා.

මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග කරුණු දක්වනවා.

රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ දස දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු වී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඔහු මේ පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles