රාජ්‍ය නිලධාරියෙක් අල්ලස් දැලේ පැටලෙයි

අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ සේවයේ නිරත රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවයි සදහන් වන්නේ.

ගලිගමුව බෝයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (03) පස්වරු 1.05ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී සැකකාර රාජ්‍ය කළමනාකරණ සහකාරවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles