උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස මුල් සතියේදී ලබා දීමට උපරිම උත්සාහ දරණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැදදී පැවැත්වීම පිණිස විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් බවයි.

ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඔහු මේ පිළිබඳ සඳහන් කළා.

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාද ඉහළ නැංවෙන බවයි ඔහු එහිදී වැඩිමනත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles