චන්ද්‍රිකා ශ්‍රීලනිපය අත්පත් කර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති ධුරය දරණ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුරය අත්හිටුවීමට එම පක්ෂයේ උපදේශක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව ඇයට හිතවත් පිරිස් ශ්‍රීලනිප බලය තහවුරු කරගෙන ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන්නේ ද චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියගේ පියා වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයි.

ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයටද ඇගේ හිතවාදී පිරිස් ඇතුළු වී තිබෙනවා.

ඒ අතර පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිවරයා විසින් තනතුරුවලින් පහ කරන්නට යෙදුණු අමරවීර, අලගියවන්න, දුමින්ද තුන්කට්ටුව මූලස්ථානයට ගොස් මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය කාලයේ පක්ෂයේ සභාපති වූ සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පතුරු ගසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles