දමිතා එළියට එයි

මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණා.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබුණේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන ලෙසයි.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණද එය පසුගියදා ප්‍රතික්ෂේප වී තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකෙරන පසුබිමක දමිතා අබේරත්න පවසා ඇත්තේ,

“මම හැංගුණේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකණ්ණි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර. “

මේ අතර දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට විදෙස් ගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (03) නියෝගයක් ද නිකුත් කරන්නට යෙදුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles