“දියවඩන නිලමේ තනතුර අනීතිකයි”: දළදාවට භාරකාරයෙක් මතුවෙයි

දළදා මාළිගාවේ දැනට පවතින දියවඩන නිලමේ තනතුර නීතිවිරෝධී තනතුරක් බවත් එය තම පරම්පරාවේ උරුමයක් බවත් පවසමින් වසන්ත සෙනෙවිරත්න කීරවැල්ලේ නම් අයෙකු ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවකට සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කරමින් ඔහු පවසන්නේ, 1853 වසරේ අරඹා ඇති දියවඩන නිලමේ තනතුර මගින් තමන්ගේ පරපුරට තිබූ දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය ඩැහැගෙන ඇති බවයි.

සුද්ධෝධන රජුගේ නෑයින් වන හේමමාලා සහ දන්ත කුමරුගෙන් තම පරපුර වන කීරවැල්ලේ පරපුර පැවත එන බව කියන ඔහු එය සනාථ කිරීමට සියලු පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇති බවද අවධාරණය කරනවා.

මෙම කරුණු අසත්‍ය යැ යි කිසිවෙකුට හැඟේ නම් නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු එහි දී කියා සිටිනවා.

එම සාකච්ඡාව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles