දරුවන්ට අනාගතයක් ඕන නම් රනිල්ගෙන් ඒක කරගන්න : වජිර

රටේ දරුවන්ට අනාගතයක් ඕන නම් රනිල් කියන මනුස්සයගෙන් ඒ වැඩේ කරගන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සංවිධායන කටයුතු සම්බන්ධයෙන් රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැවැති සාකච්ඡා අමතමින් අබේවර්ධන මේ බව දන්වා සිටියා.

රනිල්ට ජනාධිපති වීමට නොහැකි බව පවසන එම පක්ෂයේ පිරිසක් වෙනත් පක්ෂයක් සෑදීමට ගිය බවත් පක්ෂයේ ඉතුරු පිරිස සමඟ ඔහුව අට වැනි විධායක ජනාධිපති ධුරයට පත් කළ බවත් ඔහු එහිදී පවසා තිබුණා.

බංකොලොත් වුණු රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල්ට රට බාර දෙන්නැයි තමා එදා කියූ කතාව අද සත්‍යයක් වී තිබෙන බවද එජාප සභාපතිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles