සැලසුම් අසාර්ථකයි : බැසිල්ගේ හුළං බහී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ ඇමරිකාවේ සිට මෙරට පැමිණියේ තම පක්ෂය මැතිවරණ වෙනුවෙන් සූදානම් කරන්නට බව පැවසුණා.

කෙසේ වෙතත්, ඔහු පැමිණ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කළ අතර ඔහුගේ සහ පොදුජන පෙරමුණේ රාජපක්ෂ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිතව ඇති ජනපතිවරණයට පෙර මහමැතිවරණයක් ලබා ගැනීමයි.

ජනපතිවරණයේදී පොදුජන පෙරමුණට අපේක්ෂකයෙක්ද ඉදිරිපත් කිරීමට නැති තත්වයක් තුළ තමන්ගේ ඉතිරිව ඇති මන්ත්‍රීවරු පිරිසද විවිධ තැන්වලට ගාල්වීම වැලැක්වීම සඳහා මේ පියවර ගැනීමටයි බැසිල් ප්‍රමුඛ පිරිස උත්සාහ කර ඇත්තේ. ජනපතිවරණය පවත්වා මහමැතිවරණය පැවැත්වීම සිදු කළ හොත් සිය පක්ෂය බරපතළ සෝදාපාළුවකට ලක් වන බවයි සමීක්ෂණ අනුව ඔවුන් ගණන් බලා ඇත්තේ.

බැසිල් මෙරට පැමිණ ජනපති රනිල් සහ හිටපු ජනපති මහින්ද අතර පැවැත්වූ සාකච්ඡාවේදී දැඩිව ඉල්ලා සිට ඇත්තේ මහමැතිවරණය කලින් පවත්වන ලෙසයි.

කෙසේ වෙතත්, ජනපතිවරයාගේ තීරණය වී ඇත්තේ ව්‍යවස්ථාපිත නීතිය අනුව තමා පවත්වන්නේ ජනාධිපතිවරණය බවයි.

මෙයින් ඔද බිඳුණු බැසිල් රාජපක්ෂ පළමුව මහමැතිවරණයක් ඉල්ලා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටද වෑයම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා. එම උත්සාහයද ව්‍යර්ථව ඇත්තේ එය සම්මත කරගැනීමට තරම් මන්ත්‍රීවරු පිරිසක් ඔවුන්ට සොයාගැනීමට නොහැකි වී තිබෙන නිසා බව පැවසෙනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ අවලංගු චරිතයක් බවට පත්වී ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ.

6 COMMENTS

    • අනිවාර්යයෙන් ඔක්කොම හොරා කාල රට බිංදුවටම වට්ටපු කට්ටියම අතඩංගුවට ගන්න ඕනෙතවත් හොරා කන්න එන්න දගලන්නෙ .

  1. Kaputa hithan inne mahindata wadiya loku minihek kiyala. Hoda wade. Dan palayan America walata mae rata thawath vinasa nokara. Rata vinasakala para haththa.

  2. බැසිල් කියන්නෙ යන්තම් ඉස්කෝලෙ අට පාස් හරකෙක්.
    මූ අපේ මුදල් ඇමති කමත් කලා.
    මේක පුකට පයින් ගහල එලවන්න එපායැ.

  3. මචං බැසිල්,
    දැන් එකවැඩයි කරන්න තියෙන්නෙ. පුරුදු විදිහට
    අනුර එක්ක ඩීල් ඒකක් දමමු. මම දෙන්නම් ෆුල් සප් එකක්.
    කවුද යකෝ :$ මිලියන පහක් හයක් දුන්නොත් එපා කියන්නෙ.
    ට්‍රයි කරල බලමුද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles