දුප්පත්කම අලුත් දෙයක් නෙවෙයි : බන්දුල

බංකොලොත් වූ රටක දුප්පත්කම අලුත් දෙයක් නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කළහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ද අමාත්‍යවරයා කියා සිටිනවා.

මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පළ වුවත්, ආර්ථික වර්ධනය සෘණ 8ක් වූ සහ මුළුමනින්ම බංකොළොත්භාවයට පත්වූ රටක එය අලුත් දෙයක් නොවන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

සමෘද්ධිය සඳහා වෙන්කළ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles