සම්බන්ධන් දිගටම විපක්ෂ නායක නිවසේ

හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවස වසර 8ක පමණ කාලය සිට රැඳී සිටින බව වාර්තා වෙනවා.

ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තෙක් පාවිච්චි කිරීම සඳහා මෙම නිවෙස ඔහුට දිගටම ලබාදී ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා වූ ගයන්ත කරුණාතිලක විසින් බවයි සඳහන් වන්නේ.

ඒ 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවීමෙන් පසුව බවයි.

පසුගිය සමයේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ද ඉවත් වී ඇති ඔහු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක්.

2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් පසු ආර් සම්බන්ධන් විපක්ෂ නායක ධූරයට පත්වීමත් සමඟ ඔහුට මෙම නිල නිවෙස ලබා දී තිබෙනවා.

2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත් සමග පිහිටු වූ දින 52 ආණ්ඩුව වෙනස් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් වුවද විපක්ෂ නායක නිල නිවෙස දිගටම භාවිතා කර ඇත්තේ සම්බන්ධන් විසින් බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles