වී ගන්නෙ 100ට, හාල් දෙන්නෙ 220ට : අතරමැද මුදල කාගෙ සාක්කුවෙද?

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් 500කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් අද එය 25 දක්වා අඩු වී ඇති බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පවසනවා.

පසුගිය 31 දා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. එහිදී වී සහ හාල් මිලේ පරතරය ගැන ද ඔහු අදහස් පළ කළා.

“නාඩු වී කිලෝවක් වී මෝල් හිමියන් මිලදී ගන්නේ රුපියල් 100 , 110 , 115 ක් වගේ මිලට තමයි මිලදී ගන්නේ. නමුත් නාඩු හාල් කිලෝවක් රුපියල් 220 යි. එතකොට අතරමැද තිබෙන මුදල කාගේ අතටද යන්නේ?

මේ හරහා වී ගොවියාට සාධාරණයක් වෙන්නෙත් නෑ. පාරිභෝගිකයාට සාධාරණයක් වෙන්නෙත් නෑ. වී අඩුවට ගන්න නිසා හාල් අපිට අඩුවට ගන්න බෑ. කුඩා හා මධ්‍ය පරිමානයේ වී මෝල් ශක්තිමත් කළොත් පාරිභෝගිකයාට හාල් අඩු මිලට ලබාදෙන්න පුලුවන් වෙනවා. එසේ සිදුකළොත් ගොවියාට සාධාරණත්වයක් ඇති වෙනවා. පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ගැනීමට හැකි වනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles