අවුරුදු සමරන්න ලංගම සහය වෙයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හෙට (5) සිට විශේෂ බස් රථ සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස විස්තර පවසනවා.

කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවන බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකට බස් රථ ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles