පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට  පැමිණෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝ අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබුණා.

ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බවයි වාර්තා වන්නේ.

අරගල සිද්ධීන්වලින් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබානොදීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කර තිබුණා.

එම කරුණු සලකා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරු මඩුල්ල විසින් ඊයේ නොතීසි නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන්නේ එම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බවයි.

පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට මේ බව දැනුම්දී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles