බාල බෙහෙත්වලින් අන්ධ වූ අයෙක් කෙහෙළියලාගෙන් මිලියන 100ක් ඉල්ලයි

අක්ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහරෝහලේදී භාවිත කළ පෙඩ්‍රිස්ලෝන් නමැති දියර ඖෂධය නිසාවෙන් දෑස් සම්පූර්ණයෙන්ම අන්ධ වී ගිය රෝගියෙක්, ව්‍යාජ ඖෂධ ගෙන්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ සැපයූ සමාගම ඇතුළු දස දෙනෙක්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇති බව වාර්තා වෙනවා.

කන්දපොල කොන්දකොඩියවත්ත පදිංචි මැකරි රාජරත්නම් යන අය විසින් නීතිඥ සමාගමක් හරහා මෙම එන්තරවාසිය යවා තිබෙනවා.

තමා විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ එදිරිසිංහගේ උපදෙස් පරිදි 2023.4.5 වැනිදා නුවරඑළිය මහරෝහලට ඇතුළත්වූ බවත් එහිදී මේ කියන දියර ඖෂධය ඇස දැමූ පසු මාසයක කාලයක් ගතවීමටත් පෙර දෑස් අන්ධභාවයට පත් බවත් ඔහු එම එන්තරවාසියෙන් කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles