පඩි ගෙවාගන්නත් බෑ කී ලංගමයෙන් වෘත්තීය සමිති ලොක්කන්ට කෝටියක සන්තෝෂම්

ශ්‍රීලංගමයේ වෘත්තීය සමිති හතක් නියෝජනය කරන නිලධාරීන් 28 දෙනෙකුට ප්‍රසාද දීමනා සහ දිරි දීමනා වශයෙන් රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට වැඩි මුදලක් 2022 වෙනුවෙන් ගෙවා ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ ගණනාවක සේවක පඩි නඩි ගෙවාගැනීමට නොහැකිව තිබෙන බව පුවතක් පසුගිය දා වාර්තා වුණා. එහිදී කියැවුණේ, මහාභාණ්ඩාගාරයෙන් ලංගමය නඩත්තුවට මුදල් ගෙවීම නවතා ඇති බැවින් ඩිපෝ ආදායම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ලංගමයට නව සේවකයන් සඳහා පත්වීම් ලිපි ලබා දුන් බවද ආණ්ඩුව නිවේදනය කළා.

වෘත්තීය සමිති කටයුතු සඳහා සේවයෙන් නිදහස් කරන නිලධාරියෙකුගේ වැටුප් සහ ජීවන වියදම් දීමනාව රජය විසින් ගෙවනු ලබන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, සේවයෙන් නිදහස් කරන ලද වෘත්තීය සමිති නිලධාරීන්ට ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දීමේ පදනම කුමක්දැයි මේ වන තෙක් හෙළිනොවුණ බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles