ශ්‍රීලනිප ගැටුම උග්‍රයි : නිමල් සිරිපාලට ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌‌ උපසභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා හෙට (08 )දින පැවැත්වීමට කැඳවා තිබෙන දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල එකක් නොවෙි යැයි එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල අමාත්‍යවරයා වෙත ලිපියක් මඟින් දන්වා තිබෙනවා.

දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමේ බලය ඇත්තේ සභාපතිවරයාට පමණක් යැයි එම ලිපියේ සඳහන් වෙනවා.

පක්ෂයේ තීන්දුවක් මත ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය අත්හිටුවා ඇති බවද අමාත්‍යවරයා දැනට එම තනතුරේ පෙනී සිටින්නේ අධිකරණයෙන් ලබාගත් අතුරු නියෝගයක් මත පමණක් බවද එහි සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles