රෝහලට කඩා පැන සේවකයන්ට තඩි බාලා

කළුතර උතුර ගල්පාත රජයේ රෝහලට කඩා වැදුණු පුද්ගලයකු සෞඛ්‍ය කාර්ය සහයකයන් දෙදෙනකුට අතින් පයින් සහ හෙල්මට් එකකින් පහරදී තුවාල සිදු කර ඇතැයි කළුතර උතුරු පොලිසිය පවසනවා.

තුවාල ලද සේවකයන් දෙදෙනා වන වාද්දුව දෙල්දූව කොපියවත්ත ප්‍රදේශයේ වස්කඩුව කළුතර උතුර පදිංචි දෙදෙනෙක් වන බවත් ඔවුන් එම රෝහලේම ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරනවා.

පහර දුන් බව කියන පුද්ගලයා ඊයේ (7) රාත්‍රී පිරිසක් සමඟ සාදයක් පැවැත්වීමෙන් අනතුරුව ආරවුලක් හටගෙන ඇති අතර ඔහුට පහර දීම සඳහා පුද්ගලයන් කීප දෙනෙකු පාතකඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස වෙත පැමිණ තිබෙනවා.

එහිදී ආරවුලට මැදි වූ ඔහුගේ මවගේ අතකට තුවාල සිදුවීමෙන් අනතුරුව ඇයට ප්‍රතිකාර ලබාදීම සඳහා ගල්පාත රෝහල කරා රැගෙන විත් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles