අහිංසකයෙක්ට වෙඩි තිබ්බා: පොලිසියට චෝදනා!

ඊයේ අලුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුමුවට පත් වුණා. ඔහු ගුවන් හමුදා සෙබළෙකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නම් අයෙක්. පොලිසිය පවසන්නේ ඔහු හොරණ මාලොස්ඇල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගමන් ගත් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු බවත්, ඔහු පොලිසියට වෙඩි තැබූ අතර ආත්මාරක්ෂාව වෙනුවෙන් පොලිසිය තැබූ වෙඩි නිසා ඔහු මරුමුවට පත් වූ බවයි.

කෙසේ වෙතත්, මිය ගිය අයගේ නැන්දණිය පවසන්නේ පොලිසියට යමක් ඔප්පු කරගැනීමට නොහැකි වූ විට අහිංසකයෙක් මරා දමන බව සහ සිය පුත්‍රයා මේ සිදුවීම් කිසිවකට සම්බන්ධ නැති අහිංසකයෙක් බවයි. මොරගහහේන වෙඩි තැබීම සිදුවන විට ඔහු තම පෙම්වතිය සමඟ වත්තල සුපිරි වෙළඳසැලක සිටි බවයි ඇය පවසන්නේ. ඒ බව සුපිරි වෙළඳසැලේ කැමරා පරීක්ෂාවෙන් ඔප්පු කළ හැකි බවත් ඇය කියා සිටිනවා.

හැමදාම කොතන බැලුවත් අහිංසකයෙක් මරලා දානවා බල්ලො වගේ. පස්සෙ තුවක්කුවක් විසි කරනවා. ඔය මගේ දරුවට වෙඩි තියපු තැන වැටිලා තිබුණ දුරකතනය එයාගෙ නෙවෙයි. හෙල්මට් එක එයාගෙ නෙවෙයි. ඒ සෙරෙප්පුත් එයාගෙ නෙවෙයි. ඉතින් අපි කොහොමද මේ කියන ඒවා පිළිගන්නේ? යනුවෙන් ඇය විමසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles