රජයේ ගබඩාවලින් රු. බිලියනයක වී අතුරුදන් : CID විමර්ශන

2022 වසරේ යල සහ මහ කන්නවල වී කිලෝ ලක්ෂ 30ක් පමණ රජයේ ගබඩාවලින් අතුරුදන්වීම සම්බන්දයෙන් රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මෙසේ වී අතුරුදන්ව ඇත්තේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව සහ ආනමඩුව රජයේ වී ගබඩාවලින් බවයි වාර්තා වන්නේ.

වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ පවසන්නේ, මූලික විමර්ශන වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවයි. මෙම වී තොගයේ වටිනාකම රුපියල් බිලියනයකට ආසන්න බවද ඔහු පවසනවා.

“වී අලෙවි මණ්ඩලයේ වී තොග අතුරුදන් වීම ගැන පරීක්ෂණයක් මීට මාස 4කට පමණ පෙර සිට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව ගබඩා 4ක බිලියනයකට ආසන්න මුදලක වටිනාකමින් යුත් වී අඩුවීම සම්බන්ධයෙන් ගබඩා 4ක වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයක් සිදුකර එහි මුලික වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා. ඒ අනුව ඔවුනුත් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර අවසන් අදියර දක්වා පැමිණ තිබෙනවා. අපි විශ්වාස කරනවා අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණවල අවසන් අදියරට එන්න පුළුවන්. මේවා මහජනතාවගේ මුදල්. පරීක්ෂණ කඩිනම් කර, අදාළ වරදකරුවන්ගෙන් එම මුදල් වී අලෙවි මණ්ඩලය වෙත පියවා ගැනීමට කටයුතු සිදුකරමින් පවතිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles