සජිත් සමගි බුද්ධි මණ්ඩපයේ දී සමාජවාදයේ වාසි ගැනත් කියයි

ශ්‍රී ලංකාවේ විශාලතම විද්වත් සාමූහිකය වන සමගි බුද්ධි මණ්ඩපයේ 2024 ජාතික සම්මේලනය සහ ප්‍රතිපත්ති සංවාද සභාව කොළඹ “Shangri-La” හෝටලයේ දී (07) පැවැත්වුණා.

ඒ, ‘රට ගොඩනගන නුවණ’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම හා සැලසුම් කිරීම මෙම සමුළුවේ අරමුණ වුණා.

ඒ සඳහා සමගි ජනබලවේගය වෙත සහයෝගය ලබාදීමට, මෙරට සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල රාශියකින් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම විද්වත් සාමූහිකය වන සමගි බුද්ධි මණ්ඩපය ප්‍රතිඥා දී තිබෙනවා.

සමුළුව ස‍ඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය උපුල් බී. දිසානායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ. එම්. ආනන්ද ජයවික්‍රම ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගි වුණා.

විදේශීය ආරාධිත කථිකයින් දෙදෙනෙකු වශයෙන් සහභාගී වූයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ෂ ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ අනුබද්ධිත ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර මහාචාර්ය තිලක් අබේසිංහයි.

එහිදී අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, තමාගේ හෝ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති නව ලිබරල් නොව, ඒවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති බවයි.

ධනවාදය හරහා ධනය උත්පාදනය කිරීම කෙරෙහි විශ්වාසය පළ කළ විපක්ෂ නායකවරයා එහිදී සමාජවාදයේ වාසිදායක පැතිකඩ ද පැහැදිලි කළා.

මෙම සමතුලිත ප්‍රවේශය අන්ත දක්ෂිණාංශික හෝ වාමාංශික මතවාදයන්ගෙන් ඉවත් වෙමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමගි ජන බලවේගයේ ස්ථාවරය අවධාරණය කළා.

අන්ත සමාජවාදයට සමාජය තුළ ඉඩක් නොමැති බව තමන් දැඩිව විශ්වාස කරන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එය රටේ ඡන්ද දායකයන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු මතවාදයක් බවත් නිදහස් අධ්‍යාපනය නවීකරණය කිරීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා වන සමගි ජනබලවේගයේ සැලසුම් ඇති බවත් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles