ධනවතුන්ගේ අක්‍රීය ණය බිලියන 616 – ජෙ. පුරවැසියන්ගේ පොළිය අඩු කරලා : පාඨලී හඬ නගයි

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා ලබා දී තිබූ පොළී අනුපාතය 5% දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරෝධය පළ කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ පමණක් අක්‍රීය ණය ප්‍රමාණය රු. බි. 616 ක් ද මහජන බැංකුවේ 280 ක් බවත් මහජන බැංකුවේ 15% කට අධික ප්‍රමාණයක් අක්‍රිය ණය ප්‍රතිශතයක පවතින බවත් මන්ත්‍රීවරයා මාධ්‍යට මෙහි දී සඳහන් කර තිබුණා.

මහ බැංකුව හා ආණ්ඩුව මේ පිළිබඳ අවධානය යොමු නොකර රටට මෙහෙවරක් කරපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙවැනි බාධකයක් එල්ල කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් එහි දී බැංකු විසින් අක්‍රීය ණය ලබා දී තිබෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් එම මුදල් අය කර ගන්නා ලෙස ද මන්ත්‍රීවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles