පාස්කු ප්‍රහාරය ගැන විවාදයට කෙහෙළියටත් අවස්ථාවක්

බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයට සහභාගිවීමට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න පවසා ඇත්තේ රඹුක්වැල්ල මන්ත්‍රීවරයා එම විවාදයට සහභාගිවීමට කැමති නම් ඊට අවස්ථාව සලසා දීමට කටයුතු සලසාදිය හැකි බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීමටද හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා සහභාගි වී තිබුණා.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24, 25 සහ 26 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles