ජපානයෙන් නැවත උදව්

කටුනායක ගුවන්තොටුපොලේ මෙහෙයුම් සහ කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ජපන් රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක ප්‍රදානයක් හිමි වී තිබෙනවා.

ඊයේ (10) කටුනායක ගුවන්තොටුපොලේ දී එම පළමු උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත භාරදුන් බවයි වාර්තා වන්නේ.

මෙම ස්කෑන් යන්ත්‍ර මඟින් විදේශිකයන් විසින් මෙරටට පැමිණීමේ දී පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සිදු කෙරෙනවා.

ඊට අමතර ව, ගමන් මලු ස්කෑන් යන්ත්‍ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්‍ර, විදේශීය ගමන් බලපත්‍ර ස්කෑන් යන්ත්‍ර සහ ජෛවමිතික ප්‍රවේශ පාලන පද්ධතියක් ද ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

තව ද, කටුනායක ගුවන්තොටුපොල තුළ ඒකක 150කින් යුත් සුහුරු වැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂා කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles