ලොරියකට පොලිස් වෙඩි

කනංකේ දොළේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබෙනවා.

ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේ දී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොළේලියද්ද ප්‍රදේශයේ දී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් නිලධරීන් රථයට වෙඩි තබා තිබුණා.

එහිදී ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නම් පුද්ගලයෙක්. ඔහු මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles