වියට්නාම් බැංකු හොරුන්ට නම් දඬුවම් ලැබෙන හැඩ

කොමියුනිස්ට්වාදී පාලනයක් පවතින වියට්නාමයේ එරට නීතිවලට එපිටින් ව්‍යාජ ලෙස බැංකුවක කොටස් හිමිකම් ලබාගත් සහ වසර 11 ක් පුරා ඩොලර් බිලියන 44ක් වංචා කළ බවට චෝදනා එල්ල වූ 67 වියැති Truong My Lan නම් බිලියනපතිනියට සහ තවත් 13 දෙනෙකුට මරණ දඬුවම නියම වෙතැයි සැලකෙනවා.

විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරන්නේ ඉතා සුළු වෙළඳාම් කරමින් සිට ආපනශාලා සමූහයක් ආරම්භ කළ ඇය පසුව බැංකු කොටස් මිලදී ගත් බවයි. වියට්නාම නීති අනුව බැංකුවක කොටස්වලින් අයෙකුට 5%කට වඩා හිමිකර ගැනීම තහනම්වන අතර ඇය තමන්ගේ සමීපතමයන් හරහා සයිගොන් කොමර්ෂල් බැංකුවේ කොටස් 90%ක් හිමිකරගෙන සිටින බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්, 2011 දී බිලියනපතිනියක් වූ ඇය බංකොලොත් වෙමින් තිබූ බැංකු තුනක් එරට රජයේ අවසරය ඇතිව එක් කර සයිගොන් කොමර්ෂල් බැංකුව නිර්මාණය කළ බව සඳහන් වෙනවා.

කොමියුනිස්ට් රාජ්‍යයක් වුවත් එරට වංචාව දූෂණය වැඩි බවයි ජනතාව චෝදනා කරන්නේ. මෙම බැංකු වංචාවට සම්බන්ධ පිරිසට දැඩි දඬුවම් නියම කරනු ඇතැයි විදෙස් පුවත් සේවා විශ්වාසය පළ කරනවා.

වියට්නාම ඉතිහාසයේ ඉතා විශාල නඩුවක් ලෙස මෙය සැලකෙනවා. මෙහි ලේඛන අඩංගු පෙට්ටි 104ක් ඇති බවත් ඒවායේ බර ටොන් 6ක් බවත් කියැවෙන අතර සාක්ෂිකරුවන් 2700ක් සාක්ෂි ලබා දී තිබෙනවා.

ලොව පුරා මහජන අවධානය දිනා ඇති නඩුවක් ලෙස මෙම වියට්නාම බැංකු හොරකම සම්බන්ධ නඩුව සැලකෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles