ශ්‍රීලනිපය විනාස වුණත් මෛත්‍රීට අවශ්‍ය දහම් දිනවන්න – චෝදනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාවෙන් ම පරාජයට පත් වුවත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයාට අවශ්‍යව ඇත්තේ ඔහුගේ පුත් දහම් සිරිසේන ජයග්‍රහණය කරවීම පමණක් බව උතුරු මැද පළාත් හිටපු ඇමැති පේෂල ජයරත්න සඳහන් කළා.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, පක්ෂය තවදුරටත් විනාශ නොකර සුදුසු අයෙකුට නායකත්වය පවරා ඉල්ලා අස්වෙන ලෙසයි.

අද වන විට ශ්‍රීලනිපයට පොළොන්නරුව දිස්ත්‍රික්කයටවත් ආසන සංවිධායකවරයෙක් පත් කර ගැනීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවටද හිටපු ඇමැතිවරයා චෝදනා කළා.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන් දෙදෙනෙක්ද සහභාගි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles