ජාතික ජන බලවේගය අහක බලයි: ඩලස් විමල්ට එක් වෙයි

ඉදිරි මැතිවරණ වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිස ( උත්තර ලංකා සභාගය) පිහිටුවීමට යන සන්ධානය සමඟ ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරු එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව පසුගිය දිනවල කැඩී බිඳී ගියේ ජී.එල්. , ඩිලාන් ඇතුළු පිරිස සමගි ජන සන්ධානයට එක් වීම නිසාවෙන්.

කෙසේ වෙතත්, ඩලස් මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගය සමග එක්වීමට සාකච්ඡා පවත්වන බව පසුගිය දා නොනිල පුවත් වාර්තා වුණා. ජාතික ජනබලවේගය එම එක්වීම වෙනුවෙන් සාධනීය ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.

ඩලස්, විමල්, කොමියුනිස්ට් පක්ෂය, වාසු, ගෙවිඳු ඇතුළු පිරිසගෙන් සමන්විත මෙම කණ්ඩායම කිරුළපනදී මැයි රැලිය පවත්වා එහිදී සිය ජනපති අපේක්ෂකයා නම් කරන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles