රනිල්-බැසිල් හමුව: වැදගත් තීරණ කිහිපයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ ප්‍රකාශ තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර කොළඹ ජනාධිපති නිල නිවසේ දී පැවති හමුවේදී බැසිල් රාජපක්ෂ මේ පිළිබඳ පවසා තිබුණා.

එහි දී තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට තරඟ කරන බව ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය භාර ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇතැයි බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විජේදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද බැසිල් රාජපක්ෂ මෙහි දී වැඩිදුරටත් කියා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles