එළවළු මිල අඩු-වැඩිවීම ගැන ඇමැතිට වාර්තාවක්

මෙම වසර අවසානය තෙක් එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.

මැයි සහ ජූනි මාසවල වෙළෙඳපොළේ එළවළු, පළතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝගවල මිල ගණන් වෙනස්වීම් සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට බාර දෙමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කර තිබෙනවා.

යම් හෙයකින් මැයි මාසයේ අවසාන සති දෙක තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන්වල යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ද ඔවුන් සඳහන් කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles