ASP පැදුරු පාටිය නවතයි: නඩු දානවා ASP කියයි

ටී.එන්.එල්. රූපවාහිනී නාලිකාව මගින් විකාශය වූ ASP පැදුරු පාටිය වැඩසටහන නවතා දැමීමට එම නාලිකාවේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම වැඩසටහන මෙහෙයවන ඒ.එස්.පී සමාගමේ අධිපති ඒ.එස්.පී. ලියනගේ පවසන්නේ.

තම පැදුරු පාටිය වැඩසටහන ටී.එන්.එල්. නාලිකාව විසින් වසර 20ක් පුරා විකාශය කළ බවත්, ලබන වසරේ මාර්තු 31ක දක්වා ගිවිසුම කල් තිබෙන බවත් ලියනගේ පවසනවා.

කෙසේ වෙතත්, මුලදී නිවේදකයෙකු යොදා ගනිමින් මෙහෙය වූ වැඩසටහන මෙහෙයවීම ඒ.එස්.පී. ලියනගේ විසින් ම සිදු කරනු ලැබුවා. එහිදී ඔහුගේ වාග් විලාශය, පවසන කරුණු ආදිය සම්බන්ධයෙන් සමාජයේ බලවත් විවේචන සිදු කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles