ෆෝන් එක ගත්තා කියා මව මරා දමලා: පුතා සැකපිට අත්අඩංගුවට

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට ඇයගේ 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය වූ තිස් අට හැවිරිදි මෙම කාන්තාවගේ සිරුර ඇයගේ නිවසේ තිබියදී පසුගිය සෙනසුරාදා සොයාගනු ලැබුවා.

අදාල කාන්තාව විසින් සිය පුත්‍රයා භාවිත කළ ජංගම දුරකතනය පසුගියදා රැගෙන ඇත්තේ ඔහු ඊට දැඩිව ඇබ්බැහිවීම හේතුවෙන්.

ඒ පිළිබඳව ඇය සමඟ උරණ වූ ඔහු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙම දරුවා කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවටද පොලිසියට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

ඝාතනය වූ කාන්තාවගේ පුත්‍රයා විසින් රුධිරයෙන් අඳින බවට සැකකෙරෙන වැකි කිහිපයක්ද ඝාතනය සිදු කළ කාමරයේ බිත්තිවල සටහනන් කර තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles