ආර්ථික යුක්ති ඉල්ලා සරසවි අනධ්‍යන සේවකයිනුත් පාරට

වැටුප් විෂමතාවය සහ MCA දීමනාව මුල් කරගනිමින් ලංකාව පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (07) දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ හෙට(08) දිනයේ පැවැත්වෙන කැබිනට් අනුකමිටුවට වැටුප් විෂමතා සහ දීමනා සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කර මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්.

ලංකාව පුරා විශ්වවිද්‍යාලවල සේවය කරන අනධ්‍යන සේවකයින් 1500ට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්වුණා.

මේ හේතුවෙන් පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles