මන්නා රමේෂ්ගේ නිවසෙන් ජීව අත්බෝම්බයක් සොයාගනී

ඩුබායි සිට ඊයේ (07) මෙරටට රැගෙන ආ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගේ නිවසේ සඟවා තිබියදි විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පවසනවා.

ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදි මෙම භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකි වූ බවත් ඒ අනුව අවිස්සාවේල්ල ,යාලගම ,නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදී ඒවා සොයාගත් බවත් එම කොට්ඨාසය සඳහන් කරනවා.

බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයාගෙන ඇති අතර නිවස පිටුපස සඟවා තිබියදී යතුරුපැදිය සොයාගැනීමට හැකි වී තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රශ්න  කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9/1 වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත සැකකරුට දින අනූවක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles