යුක්‍රේන-රුසියා යුද්ධයට විශ්‍රාමික සෙබළුන් යවන ජාවාරමේ  ඒජන්තයින් සොයා මෙහෙයුම්

මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ව මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවය.

රුසියානු හමුදාවට සහ යුක්‍රේන හමුදාවට බඳවා පීටර්ස් බර්ග් වැනි ප්‍රසිද්ධ නගරවලින් ලබාදෙන බවත් පවුල්වල සාමාජිකයන්ට රුසියාවේ පුරවැසිභාවය සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන බවත් පවසමින් හොර රැකියා ඒජන්තවරුන් සමඟ එකතු වී මෙම මිනිස් ජාවාරම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ආරක්ෂ ලේකම්වරයා සඳහන් කරනවා.

නමුත් මේ වනතෙක් එලෙස යුද්ධය සඳහා යොමුකළ කිසිවෙකුට වැටුප් ගෙවා නොමැති අතර මිය ගිය හෝ තුවාල වූ සෙබළුන්ට කිසිම වන්දි මුදලක්ද ගෙවා නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිටත් මෙරට විශ්‍රාමික රණවිරුවන් බොහෝ පිරිසක් යුද පෙරමුණේදි මියගොස් ඇති බවත් තවත් කොටසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

මෙම බඳවාගැනීම් කිසිවක් නීත්‍යානුකූල ක්‍රමයට සිදුකළ ඒවා නොවන බැවින් මෙලෙස විදේශගත වූ පුද්ගලයන් පිළිබඳව සෙවීමට විදේශ කටයුතු අමාත්‍යංශය මඟින්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles