ගෙදරින් ගෙනා බත් පාර්සලය කෑ රැඳවියන් දෙදෙනෙකු මරුට

ඌරුමස් ව්‍යංජනයක් සහිත බත් පාර්සලයක් ආහාරයට ගැනීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් මිය ගිය බන්ධනාගාර රැඳවියන් දෙදෙනාගේ ශරීර කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

බොරැල්ල හා දෙහිවල යන ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයින් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා තබා තිබුණු අතර පෙරේදා(06) දිනයේ එක් රැඳවියෙකුගේ නිවසේ සකස් කළ ඌරුමස් සහිත බත් පාර්සලයක් ඥාතීන් විසින් රැගෙනවිත් ඇති බව සඳහන්.

එම බත් පාර්සලය රැඳවියන් 15 දෙනෙකු පමණ ආහාරයට ගෙන ඇති අතර එහිදි ඇතිවු ආසාත්මිකතාවක් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවන තවත් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

මියගිය පුද්ගලයින් දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (07) දිනයේ දී සිදුකළ අතර එහිදි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles