සැකකරුගේ කංසාවෙන් මත් වූ පොලිසියේ 5ක් ගෙදර!

බෙලිඅත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

ගංජා ග්‍රෑම් 50 ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය විසින් ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරු තදින්ම ගංජා පානයට ඇබ්බැහිවූවකු බවත් එම සැකකරුගේ සිර මැදිරිය තුළ තිබී ගංජා මිලිග්‍රෑම් 280 ක් සහ ලයිටරයක් සොයාගත් බවත් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරනවා.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ අධීක්ෂණය යටතේ එම සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ වැඩතහම් කර ඇති බව සඳහන්.

තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles