අධික උණුසුමෙන් යාපනයේ හතරක් මිය ගිහින්

අධික උණුසුමත් සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔවුන් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මිය ගිය පුද්ගලයින් විවිධ නිධන්ගත රෝගවලින් පෙළුණු වැඩිහිටියන් බවත් පවතින අධික උණුසුම් සහිත කාලගුණයත් සමඟ ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි සඳහන්.

පසුගිය දිනවල යාපනය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles