කුලී හමුදා ජාවාරමේ මොළකරුවෝ දෙදෙනෙක් අල්ලයි

යුක්‍රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණු සඳහා මෙරට ආරක්ෂක අංශයේ හිටපු සෙබළුන් සහ වෙනත් අය යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ටික දිනක පටන් අන්දෝලනයක් හටගෙන තිබුණා. යුද පෙරමුණුවල මෙරට හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකුද මිය ගිය බව වාර්තා වුණා. මෙය රජයේ මැදිහත්වීමකින් තොරව විවිධ අනියම් ක්‍රම හරහා සිදු වුණ ජාවාරමක් බවයි තතු හෙළිදරව් වී තිබුණේ.

මේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ හ ිටපු සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට ඔවුන් සම්බන්ධ බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles