එ.ජා. ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක අනුර හමුවෙයි

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදි සිදු වුණා.

මෙම හමුවේදී මෙරට වත්මන් මානව හිමිකම් තත්ත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කර ඇති බව සඳහන්.

මෙහිදී තම දේශපාලන සංස්කෘතිය ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් හා පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහාය හිමි වන බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී , සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් එක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles